தமிழ்
English
Contact
Monday 10th December 2018    
සිංහරාජ මායිමේ, කුඩුමිරිය වන විනාශය ගැන බලධාරින් නිහඩය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිංහරාජ මායිමේ, කුඩුමිරිය වන විනාශය ගැන බලධාරින් නිහඩය!



සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන කුඩූමීරිය රක්ෂිතයට මායිම්ව ඇති වනාන්තරය තුළ කිසිදු අවසරයකින් තොරව සිදු කරන මෙම කැලෑ එලිකිරිම හා මහා පරිමාණ වල්ලාපට්ටා ජාවාරම ප්‍රසිද්ධියේ සිදු කරමින් සිටි.
මෙම ජාවාරම්කරුවන් විසින් ගස් විනාශ කිරිම සදහා අධික විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් ගස් විනාශ කිරිම ආරම්භ කර ඇත. මේ සම්බන්ව කලවාන පොලිස් ස්ථානයට පැමිණිලි කලද අද වන තුරු කිසිදු නිලධාරියෙකු මේ පිළිබද සොයා බලන්නට පැමිණ නැත. මෙහි ඇති වඩාත අවදානම නම් මෙ වනාන්තරය ජල උල්පත් මගින් ජලය ලබා ගන්නා පිරිසට ජලය ලබා ගැනිමට නොහැකි වීමය. අධික විෂ රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වී ඇත. මේ සම්බන්ධව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කලත් ඔහුද කිසිදු පියවරක් ගෙන නොමැත. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කලවාන අඩවි වන කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය ආදි සියලු රාජ්‍ය ආයතන දැනුවත් කළද මෙ වන විනාශයට විරුද්ධව එම වගකිව යුතු නිලධාරීන් අනුගමනය කරන නිහඩ පිලිවෙත පුදුම සහගතය.