தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
සිංහරාජ රක්ෂිතය තුළ මට අයත් හෝටලයක් නැහැ - යෝෂිත රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිංහරාජ රක්ෂිතය තුළ මට අයත් හෝටලයක් නැහැ – යෝෂිත රාජපක්ෂ



ඔහුට අයත් හෝටලයක් සිංහරාජ රක්ෂිතය තුළ ඇති බවට එල්ලවන චෝදනා යොෂිත රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සිංහරාජා වන රක්ෂිතය තුළ තමන්ට අයත් හෝටල් හෝ නිවාඩු නිකේතන නොමැති බවත්, පරිසරවේදී සජීව චාමිකර විසින් ඔහුට එරෙහිව නගා ඇති චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය බවත් ඩේලි මිරර් පුවත්පත වෙත ප්‍රකාශයක් ලබාදෙමින් යෝෂිතා රාජපක්ෂ පවසා ඇත.

තම නීතිඥයන් හරහා මෙම චෝදනාවට විරුද්ධව පියවර ගන්නා බවද ඔහු පවසා තිබේ.

“මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යයකි. මම ස්වභාවධර්මයට ඇලුම් කරන අතර පරිසරයට ආදරය කරමි. මේ නිසා මම ලෝක හරිත ගොඩනැංවීමේ කවුන්සිලයේ සාමාජිකයෙක් වෙමි. ඇතැම් කණ්ඩායම් නැවත වරක් රාජපක්ෂ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමට උත්සාහ කරමින් අසත්‍ය කථා පතුරුවා හැරීමට උත්සාහ කරමින් සිටියි. මා අපගේ වනාන්තරවලට ආදරය කරන අතර මට අයිති කිසිදු හෝටලයක් එහි නොමැත. මෙම කණ්ඩායම් මහජනයා නොමඟ යැවීමට උත්සාහ කරන බැවින් මම එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙමි.

සජීව චාමිකර පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් රාශියක් සිංහරාජය ආශ්‍රිතව පවතින බවත් එම ඉඩම් මහා පරිමාණ ආයෝජන ක්‍රියාවලීන්වලට ලක් කිරීම සහ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා මෙම මාර්ගය ඉදිකිරිම සිදුකරන බවයි. එහිදී එම කලාපය ආශ්‍රිතව යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයක් ද පවතින බව ඔහු සඳහන් කර තිබුණි.

මෙම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සඳහා කිසිදු පරිසර තත්ත්ව වාර්තාවක් නොමැති බවද ඔහු සඳහන් කර තිබුණි.