தமிழ்
English
Contact
Friday 16th November 2018    
සිගරට් අලෙවිය අඩුවීමෙන් රජයට බිලියන 18 ක පාඩුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිගරට් අලෙවිය අඩුවීමෙන් රජයට බිලියන 18 ක පාඩුවක්



දුම්වැටි අලෙවිය අඩුවීම හේතුවෙන් බදු ආදායමද රුපියල්  බිලියන 18 ක් පමණ අඩුවී ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර ඊයේ (11) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

දුම්වැටි සඳහා දිගින් දිගටම නීති පැනවීම හමුවේ දුම්වැටි අලෙවිය විශාල වශයෙන් අඩුවී ඇති බවත් එය බදු ආදායමටද දැඩිව බලපා ඇති බවත් සමරවීර මහතා එහිදී පෙන්වා දී ඇතැයි පැවසේ.

සිගරට් තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමරවීර මහතා මේ බව සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබාගන්නා තෙක් කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.