Posted on 11.14.2020 by Sithara Sajeewani in කලා with 0 Comments
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර අද(14) උදෑසන මියගොස් තිබේ. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 61කි.
සිඩ්නි චන්ද්‍රසේකර ජාතික රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව මහරාජා මාධ්‍ය ජාලයට සම්බන්ධ විය. ඔහු ‘සිරස’ නිව්ස්ෆස්ට්හි උපදේශකවරයකි.
අභාවප්‍රාප්ත සිඩ්නි චන්ද්‍රසේකර ටෙලි නාට්‍ය රාශියක් සහ ටෙලි නාට්‍ය තේමාගීත රචනා විශාල ප්‍රමාණයක් සඳහා සිය නිර්මාණශීලි දායකත්වය සපයා තිබේ.
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න