தமிழ்
English
Contact
Friday 14th August 2020    
සිබිල් වෙත්තසිංහ සමුගනියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිබිල් වෙත්තසිංහ සමුගනියි



මෙරට ළමා සාහිත්‍ය ලේඛිකාවක මෙන්ම චිත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මිය ගොස් තිබේ.

ඇය මිය යන විට 93 වන වියේ පසු වූවා ය.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.

සිබිල් නැන්දා යන ආදර නාමයෙන් හඳුන්වන සිබිල් වෙත්තසිංහ පළ කළ ළමා කතන්දර පොත් සංඛ්‍යාව සිය ගණනකි.

ඉන් ළමා පොත් රැසක් අවස්ථා ගණනාවකදී රාජ්‍ය සම්මානයට ද පාත්‍ර විය.

කුඩ හොරා,සූත්තර පුංචා, කිරිහාමි,දුවන රැවුළ, අච්චාරු මුට්ටිය, තොවිල් ගෙදර,කුසුම ලතා, කැවුම් බබා අදි නිර්මාණ රැසක් ඇය පළ කළ ළමා කතන්නදර පොත් අතර කුඩ හොරා ඇතුළු නිර්මාණ ගණනාවක් විදේශීය භාෂා රැසකට පරිවර්තනය වූ අතර කුඩ හොරා ජපානයේ ජනප්‍රියතම ළමා කෘතිය බවට ද පත්ව තිබුණි.