தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
සියලුම රාජ්‍ය සේවකයන්ට විදේශ සංචාර තහනමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සියලුම රාජ්‍ය සේවකයන්ට විදේශ සංචාර තහනමක්



සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.

ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු , සියලුම පළාත් ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරු වෙත ලිපියක් බැගින් දැනුම් දෙනු ලැබ ඇත.

රජයේ නිළධාරීන් විදෙස් සංචාර සඳහා යෙදෙන්නේ රාජකාරි මට්ටමින් වන අතර එම පුද්ගලයාට අදාළ වැඩ කටයුතු වෙනත් පුද්ගලයෙකුට පවරා යෑම ද බොහෝ විට සිදුවන්නකි.

නමුත් මෙම තීරණය තමන් යටතේ ඇති ආයතනවල සියලු නිලධාරීන්ට දැනුම් දෙන්නැයි ද ජනාධිපති ලේකම්වරයා පසුගියදා (19) යවා ඇති ලිපියෙන් උපදෙස් දී තිබේ.