தமிழ்
English
Contact
Friday 22nd November 2019    
සියලු ජාතීන් ඉන්නෙ වඳවී යාමේ අනතුරක - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සියලු ජාතීන් ඉන්නෙ වඳවී යාමේ අනතුරක – පුබුදු ජයගොඩ



සිංහල ජාතිය වඳවීමේ අවදානමක් ගැන බොහෝ දෙනා බියවී සිටියද, සිංහල පමණක් නොව සියළු ජාතීන් අයත් මිනිස් සංහතියම වඳවී යාමේ අනතුරක් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මේ ලාභය පමණක් පදනම් කරගත් සමාජ-ආර්ථික ක්‍රමය විසින් පරිසරය වනසමින් තිබෙන ප්‍රමාණය කොතෙක්ද යත් එය මිනිස් සංහතියේ පැවැත්ම පවා අවදානමට හෙලා ඇති බව පැවසු පුබුදු ජයගොඩ ඒ විනාශය වසන් කරන පාලකයන් එහි වගකීම ජනතාව මත පටවමින් සිටින බවද පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ “ඔක්තෝබර් 31වැනිදා විල්පත්තු රක්ෂිතය කැපීමට අදාළ නඩුව විභාග වුණා. රජය වෙනුවෙන් ඒ නඩුවට පෙනී සිටින නීතීඥයා යෝජනා කළේ මේ රක්ෂිත වල සීමා මායිම් නම් කර තිබෙන ගැසට් සියල්ල අවලංගු කරලා, දැනට කැලය කපා ඇති කොටස් ඉවත් කරලා, වනය ඉතිරිව තිබෙන කොටස් විතරක් අලුතින් ගැසට් කරමු කියලා. එතකොට කොච්චර රක්ෂිත කැපුවත්, කපලා තියෙන්නේ රක්ෂිත නෙවෙයි කියලා නීතියෙන් අර්ථ දක්වන්න පුළුවන්. එහෙම කරන ආණ්ඩු තමයි ඔබට කැප කිරීම් කරන්න කියන්නේ.”

නොවැම්බර් 2වැනිදා දැරණියගල නගරයේ පැවැත්වුණු රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් පළකර තිබුණි.