தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා අභියාචනයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා අභියාචනයක්!



එඵළඹෙන ජනාධිපතිවරණයේදී බන්ධනාගාරගත සිරකරුවන්ට ජන්දය ප්‍රකාශ කිරීමට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිරකරුවන් සුරැකීමේ කමිටුව විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හතර දෙනා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා නම් කරමින් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් වෙනුවෙන්  පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටින්නේ මැතිවරණවලදී  ජන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි වීම හේතුවෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවයි.

මේ හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ටඉදිරි ජනාධිපතිවරණයේදී සිය ජන්දය පාවිච්චි කිරීමට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසමට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙත නියෝග නිකුත් කරන ලෙස පෙත්සම ගොනු කරමින් ඉල්ලා තිබේ.