தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
සිරකරුවන් එල්ලන්න නියෝග දුන්නොත් අධිකරණයට දැනුම් දෙනවා- බන්ධනාගාර කොමසාරිස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරකරුවන් එල්ලන්න නියෝග දුන්නොත් අධිකරණයට දැනුම් දෙනවා- බන්ධනාගාර කොමසාරිස්



ජූලි මස 17 වනදාට පෙර කිසියම් සිරකරුවකු මරණීය දණ්ඩනයට ලක් කරන මෙන් ජනාධිපතිවරයාගෙන් නියෝගයක් ලැබුණහොත් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන බවද බන්ධනාගාර කොමසාරිස් ටී.එම්. ඩබ්ලිව්. තෙන්නකෝන් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා ගේ නියමය පරිදි සිරකරුවන් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය වැළැක්වීමෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න විසින් ගොනු කරන ලද පෙත්සමක් අද(05) සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම දැනුම්දීම සිදු කර සිටියේය.

අධිකරණය හමුවේ පෙනී සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇමතු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, කිසියම් හෝ සිරකරුවකු මරණීය දණ්ඩනයට ලක් කළ යුතු දිනය, වේලාව සහ ස්ථානය දැක්වෙන ජනාධිපතිවරයාගේ සන්නිවේදනයක් ලැබී තිබේදැයි විමසා සිටියේය. පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ එවැනි සන්නිවේදනයත් මේ අවස්ථාව වන විට තමන් වෙත ලැබි නොමැති බවයි. ඊට ද ප්‍රතිචාර දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියේ එවැනි අත්‍යාසන්න තත්ත්වයක් මෙම අවස්ථාව වන විට උද්ගත වී නොමැති බවයි.

මෙම පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා විසින් මීට පෙර මූලික විරෝධතාවක් මතු කර තිබුණි. එම මූලික විරෝධතාව පිළිබඳව නියෝගය ලබන 17 වන දින ප්‍රකාශයට පත්කරන බවත් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්වෙන බව විනිසුරුමඩුල්ල කළේය. ඒ අනුව, 17 වැනිදා තෙක් මරණ දඩුවම ක්‍රියාත්මත තිරිමේදී අධිකරණ අවසරයක් ලබා ගන්නට සිදුවන බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසා ඇත.