தமிழ்
English
Contact
Thursday 5th December 2019    
සිරකරුවන් 267ට ජනාධිපති සමාව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරකරුවන් 267ට ජනාධිපති සමාව



බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතිය ලැබි ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ පවසයි.

මිනීමැරිම්,මංකොල්ල කෑම්,ස්ත්‍රී දූෂණ,ළමා අපචාර,මත්කුඩු ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදී 40 කට සම්බන්ධ නොමැති සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස හිමි වේ.

වයස අවුරුදු 65 ට වැඩි සිරකරුවන් සඳහා මෙම සහනය ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

මේ අතර මරණ දඬුවම නියමවී සිටින සියලුම සිරකරුවන්ට ජීවිත සමාව ලබාදීමත් ජිවිත සමාව ලබා සිටින සිරකරුවන් අනිවාර්යයෙන් වසර 20ක් බන්ධනාගාර ගතව සිටිය යුතු බවට වන නීතිය වෙනස් කිරීමත් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ පවසා තිබේ.

සිරකරුවන්ට නිදහස ලබාදෙන්නේ විශේෂ අවස්ථාවලදී වුවත් ජනාධිපතිවරයා මෙලෙස සිරකරුවන් නිදහස් කරන්නේ තම ධූර කාලය අවසන් වීමට ආසන්න වීම නිසා බව බැලූ බැල්මට පෙනේ. පසුගිය සමයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනු ලැබුවේද මෛත්‍රීපාල සිරිසේනයි. එමෙන්ම පසුගිය දිනක ඔහු තරුණියක ඝාතනය කළ පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබාදීම ගැන සමාජයේ විරෝධයක් එල්ල විය. වැරදි කළවුන්ට සමාව දීම හොඳ දෙයක් වුවත් ජනාධිපතිවරයා ජනාධිපති සමාව අවියක් ලෙස භාවිත කරමින් සිටින බවට බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරන ලදී. එසේම සමාජයට පෙනෙන්නට හෝ මෙවැනි පුදගලයන්ට සමාව දුන්නද වසර ගණනාවක සිට පවතින අරගලයක් වන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැන පසුගිය වසර ගණනාව තුළ ජනාධිපතිවරයා අවධානයක් යොමු නොකරන ලදී.