தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
සිරස මාධ්‍ය ජාලය නිහඬ කිරීමේ උත්සාහයක් ගැන පාර්ලිමේන්තුවේ හඬ නැඟේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරස මාධ්‍ය ජාලය නිහඬ කිරීමේ උත්සාහයක් ගැන පාර්ලිමේන්තුවේ හඬ නැඟේ



ආණ්ඩුව කෙරෙහි විවේචනාත්මක මාධ්‍ය භාවිතයක යෙදෙන සිරස මාධ්‍ය ජාලය සතු විකාශන බලපත්‍ර අහෝසි කිරීමට හෝ වෙනත් ආකාරයකින් මර්දනය කිරීමේ උත්සාහයක් ගැන අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කළ ප්‍රකාශයකට පසු ඒ සම්බන්ධව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර විවාදයක් ඇති විය. විපක්ෂ නායකයා පැවසුවේ ආණ්ඩුවේ ඉහළම නායකයන් පිරිසක් හා නීතිඥයන් විසින් සිරස ආයතනය නීතිමය වශයෙන් නිහඬ කිරීමේ හැකියාවක් ඇත්ද යන්න පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති බවය. විශ්වාසදායක තොරතුරු මත කරුණු අනාවරණය කරනු ලබන බව පවසමින් ඔහු අවධාරනය කළේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධ විවේචනාත්මක තොරතුරු අනාවරනය කිරීම නිසා මින් පෙර මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට එල්ල කළ මර්දනය යළි සිහිපත් කරමින් වත්මන් ගෝඨාභය-මහින්ද ආණ්ඩුව ද මාධ්‍ය මර්දනයට සූදානම්වන බවය.