தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
සිරියානු ඉඩ්ලිබ්හි මෙහෙයුම්වලට රුසියාව හා එක්සත් ජනපදය අතර මතභේද | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරියානු ඉඩ්ලිබ්හි මෙහෙයුම්වලට රුසියාව හා එක්සත් ජනපදය අතර මතභේද



සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ බලය අල්ලාගෙන සිටින සිරියානු කැරලි හමුදාව හා අයි.එස් ඉස්ලාමීය කැරලිකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සදහා සිරියානු රජයේ අසාද්ගේ හමුදාවන්ට සහාය දෙන රුසියානු හා ඉරානයේ සූදානමින් සිටි.

මේ වන විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී මෙම මෙහෙයෙුම් නවතා දමන ලෙස දෙපාර්ශ්වයටම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසා තිබේ.

සිරියාව රුසියාව හා ඉරානය පවසන්නේ මෙම පළාතේ සිටින සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගෙන ත්‍රස්තවාදීන් සිය රැකවරණය සළසා ගෙන සිටින බවත් එයට ඉඩදිය නොහැකි බවත් ඔවුන් මුදා ගැනීමේ හා කැරළිකාර හමුදා යටත්වීම හෝ අවි බිම තබා පිටව යායුතු බවයි.

එසේ නොව්නේ නම් ගලවා ගැනීමේ මෙහෙයුම් මගින් එම ප්‍රදේශයට ඇතුළවීඹට කටයුතු කරන බවයි. එ.ජනපදය ප්‍රංශය බ්‍රිත්‍යාන්‍ය, තුර්කිය පවසන්නේ මහා පරිමාණ යුද්ධයක් ඇති වීමෙන් මෙහි සිටින සිවිල් වැසියන් විශාල පිරිසක් අනතුරට ලක්වන බවයි.

ඒ හේතුවෙන් සිරියානු හමුදා ඉඩ්ලිබ් හි මෙහෙයුම් කිරීමට ඉඩ නොදෙන බව කියා සිටී . පසුගිය දින කිහිපය තුල රුසියානු ගුවන් හමුදා විසින් එම ප්‍රදේශයේ කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

සිරියානු අසාද්ගේ පාලනයට සහාය පළකරන රුසියාව හා ඉරානය මේ වන විට සිරියාවේ බොහෝ ප්‍රදේශ මුදා ගැනීමේ මෙහෙයුම්වලට දායක වෙමින් අසාද් පාලනයට යම් ස්ථාවර තත්වයක් ගෙනදීමට සමත්ව තිබේ.

නමුත් සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට සහාය ලබා දෙන එ.ජනපදය හා තුර්කියේ සහාය ලබන සිරියානු කැරළිකරුවන්ට සිරිවේ වත්මන් යුදමය තත්වය අවාසිදායකව පවතී.

ඉඩ්ලිබ් වෙත එක්රැස්වී සිටින සිරියානු විපක්ෂ කණ්ඩායම්වල සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි ප්‍රහාර එල්ලවීම වලකා ගැනීමේ අරමුණෙන් තුර්කිය හා එ. ජනපදය ඇතුලු බටහිර රටවල් කටයුතු කරනු පෙනේ.

සිරියානු ඉඩ්ලිබ් පළාතට අසාද් පාලනය විසින් නව යුද මෙහෙයුම් ආරම්භ කිරීම සදහා සූදානම් වෙමින් සිටින බවට වාර්තා විය.

එම පලාතේ නව මෙහෙයුම් ආරම්භ නොකරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු අගවා තිබුනිග මෙම තත්වය යටතේ ඉඩ්ලිබ් පළාතේ සිටින සිරියානු විපක්ෂ කණ්ඩායම් සදහා වාසිසහගත තත්වයක් නිර්මාණය කිරීමට එගජනපදයට අවශ්‍යව ඇත.

පසුගිය දින කිහිපය තුල රුසියානු විදේශ අමාත්‍යවරයා සර්ජි ලැව්රෝව් එක්සත් ජාතීන්ගේ හමුවකදී පවසා තිබුනේ එක්සත් ජනපදයේ ආධාර හා මෙහෙයවීම මත ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සිරියාවේ රසායනික අවි ප්‍රහාරයන් එල්ල කරනු ඇති බවට චෝදනා කෙරිණි.

කෙසේ වෙතත් අද දින රුසියානු ගුවන් හමුදා සිය ගුවන් ප්‍රහාර නැවත සිරියාවේ ආරම්භ කිරීමත් සමග සිරියාවේ වත්මන් තත්වය තවත් උත්සන්න වනු ඇත.

රෙජිම් චෙන්ජ් කිරීමේ එගජනපද ප්‍රතිපත්තියට අනුව මැදපෙරදිග කලාපයේ රුසියානු හිතවාදී අසාද් පාලනය දුර්වල කර එරට විපක්ෂ කණ්ඩායම්වලට එරට පාලන බලය ලබාදීමේ සැලසුම ව්‍යර්ථ කිරීමට රුසියානු මැදිහත්වීම හේතු විය.