தமிழ்
English
Contact
Friday 27th May 2022    
සිරියාවේදී කළ ප්‍රහාරයකින් ISIS නායකයා මරාදැමු බව එක්සත් ජනපදය කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරියාවේදී කළ ප්‍රහාරයකින් ISIS නායකයා මරාදැමු බව එක්සත් ජනපදය කියයි!



වයඹදිග සිරියාවේ එක්සත් ජනපද හමුදා විසින් කළ වැටලීමකින් ISIS නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි මරා දැමූ බව එක්සත් ජනපද ජනාධිපති බිඩන් ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ ක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ පාලනය යටතේ ඇති එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකායන් විසින් වයඹදිග සිරියාවේ කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම සාර්ථක වූ බවයි.

එක්සත් ජනපද හමුදාවට කිසිදු හානියක් සිදු නොවූ බව පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

කෙසේවෙතත් මෙහෙයුම සඳහා භාවිතා කරන ලද එක් හෙලිකොප්ටරයක් ​​යාන්ත්‍රික දෝෂයකට ලක් වීම නිසා පුපුරුවා හැරීමට සිදු වූ බව එක්සත් ජනපද නිල ආරංචිමාර්ග පවසයි.