Posted on 11.15.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
ඒ අනුව අද උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පියතුමන්ට දන්වා ඇති බව වාර්තා වේ.
සිරිල් ගාමිණී පියතුමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී, මේජර් ජනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.
මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවූත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් එය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමා ඉකුත් නොවැම්බර් 02 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරනලදී.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම ඉකුත් 08 වෙනිදා සළකා බලමු ලැබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවය.