தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
සිසුන් 40ක් එළියට දැමූ චෝදනාව උදාරගම පාසලේ විදුහල්පති ප්‍රතික්ෂේප කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිසුන් 40ක් එළියට දැමූ චෝදනාව උදාරගම පාසලේ විදුහල්පති ප්‍රතික්ෂේප කරයි



තමන් අධ්‍යාපන අමාත්‍යංශයේ චක‍්‍රලේඛයට අනුව කටයුතු කළා මිස කුඩා දරුවන් අපහසුතාවට පත්වන අයුරින් කටයුතු නොකළ බවත් දෙමාපියෙන් චක‍්‍රලේඛයේ සඳහන් වන දේ නිසි පරිදි වටහා නොගත් බවත් පොළොන්නරුව, හිඟුරක්ගොඩ, උදාරගම ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති රෝහිත කමල් ධර්මසේන පවසා තිබේ.

‘විදුහල්පති විසින් සිසුන් 40 ක් එළියට දමා පාසලේ ගේට්ටුවට ඉබ්බා දමයි‘ යනුවෙන් පසුගිය 16 වැනිදා ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් විදුහල්පතිවරයා මේ බව ප‍්‍රකාශ කර තිබේ.

මැදිරිගිරියේ උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කළ එක් ගුරුවරිය වෙනත් පන්තියකට මාරු කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මව්පියන් කළ විරෝධතාවයකට උරණ වූ පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස්ද නොතකා සිසුන් 40 දෙනෙකු පමණ පාසලින් එළියට දමා ගේට්ටුවට ඉබි යතුරු දමා වසා පසුගියදා (16) කටයුතු කර තිබූ බව වාර්තා විය.

විද්‍යාලයේ විදුහල්පති, රෝහිත කමල් ධර්මසේන පවසා සිටින්නේ ප‍්‍රාථමික පාසලක සිසුන්ට ප‍්‍රධාන අවධි තුනක් ඇති අතර ඉන් දෙවන ප‍්‍රධාන අවධියේදී එනම් 3-4 ‍ශ්‍රේණි ඉගැන්වූ ගුරුවරියම තෙවන ප‍්‍රධාන අවධියට එනම් 5 ශ්‍රේණියටද දෙමව්පියන් විසින් ඉල්ලා සිටින නමුත් එය 13/2012 අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේකයට පටහැණි බවයි.

එබැවින් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ උපදෙස් මත, 5 ශ්‍රේණියට ඉගැන්වීම් කරන ගුරුවරියන් දෙදෙනාගේද කැමැත්ත මත, පන්ති දෙකේ ගුරුවරියන් වෙනස් කරනු ලැබූ බව බව විදුහල්පතිවරයා පවසා ඇත. ඔහු පවසන්නේ එයට අකමැති වූ දෙමව්පියෝ පිරිසක් පසුගිය 16 වැනිදා උදෑසන සිසු දරුවන් පාසල් නොයවා පාසලෙන් පිටත රඳවාගනිමින් උද්ඝෝෂණයක යෙදී ඇති බවයි.