தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
සිසු ජන අරගලයෙන් යක්කටුව පාසල යළි විවෘත කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිසු ජන අරගලයෙන් යක්කටුව පාසල යළි විවෘත කරයි!



ආණ්ඩුව විසින් වසා දැමීමට තීරණය කරන ලද කරන්දෙණිය යක්කටුව පාසල, යළි විවෘතකර දරුවන්ගේ අධ්‍යාපනයට විවෘත කිරීම ඊයේ(13) සිදු විය.

වසාදැමීම සදහා අධ්‍යාපන බලධාරින් ගෙන තිබුණු තීරණය පාලකයන් විසින්ද අනුමත කර තිබියදී යක්කටුව ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම් අනුව ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය‘ මගින් ගෙන ගිය නොනවතින අරගලය හමුවේ මෙම පාසල විවෘත කිරීමට හැකි විය.

වෛද්‍ය උපාධිය මුදලට අලෙවි කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයෙන් විසින් ගෙන ගිය අරගලයේ ජයග්‍රහණ සමග ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය බිහි විය. නිදහස් අධ්‍යාපන අයිතින් වෙනුවෙන් සටන් කරමින් ‘සයිටම් නීති විරෝධී උපාධි ආයතනය‘ විසින් හොර උපාධි පාඨමාලා පැවැත්වීම අහෝසිකරන ලද නමුත් ඉන්පසුව පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සිසුජන අයිතින් ආරක්ෂා කිරීමේ අරමුණින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය අරගල කරන ලදී. ගාල්ල, යක්කටුව පාසල සුරැකීමේ අරගලය ජයග්‍රහණය කිරීමද ප්‍රදේශවාසින් සමග නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් ගෙන ගිය දීර්ඝ අරගලයක ජයග්‍රහණයකි.