தமிழ்
English
Contact
Friday 1st July 2022    
සිසු-ජන ව්‍යාපාරයේ විරෝධතාකරුවන් සිරගත කිරීම දේශපාලන පළිගැනීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිසු-ජන ව්‍යාපාරයේ විරෝධතාකරුවන් සිරගත කිරීම දේශපාලන පළිගැනීමක්!



(TopNews) ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය’ කැඳවූ විරෝධතාවකට සහභාගි වීම නිසා දෙමසක් තිස්සේ සිරගත කර සිටීම දේශපාලන පළිගැනීමක් බව තහවුරු වී ඇත.

අගෝස්තු 3 වැනිදා එම විරෝධතාවට සහභාගි වූ ක්‍රියාකාරින් 5 දෙනකු මේ වනවිට රජයේ දේපළවලට හානි පැමිණවීම යන චෝදනා යටතේ සිරගත කර සිටින අතර එසේ ගොනු කර ඇති චෝදනා අතිශයින් ව්‍යාජ ඒවා බව පෙනී යන්නේ ඔවුන් පොදු දේපල විනාශ කළ බවට ගොනු කර ඇති බරපතල චෝදනාව උසාවිය ඉදිරියේ සනාථ කිරීමට පොලීසියට නොහැකි වීම නිසාය. එසේ ව්‍යාජ චෝදනා යටතේ පොලිසිය අධිකරණය හමුවට පුද්ගලයන් 5 දෙනකු ඉදිරිපත් කළ විට අධිකරණය විසින් සළකා බැලිය යුතු කාරණා අවධානයට ගෙන නැති බව නීතිඥවරු පෙන්වා දෙති.

නීතිඥවරු විසින්ම ක්‍රියාකාරීන්ට ඇප ඉල්ලා සිටි අවස්ථාවේ තමන්ට ඒ සඳහා බලයක් නොමැති බව දක්වමින් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඔවුන් දිගටම සිරගත කර තබයි. මෙම විරෝධතාවයේදී රාජ්‍ය දේපළවලට හානි කළ බවට කිසිදු සාක්ෂි ඉදිරිපත් කරගත නොහැකි තත්වයක් යටතේ මෙම පස්දෙනා දිගටම සිරගත කර තබන්නේ ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමක් ලෙස බව පැහැදිලි වේ.

මේ අතර අ.වි.ශි.බ.ම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තලංගම පොලීසියට ගෙන ගොස් සිටියදී ඔහුට උසස් පොලිස් නිලධාරියකු දුරකථනයෙන් තර්ජනයක් කළ බවද අනාවරණය විය. මේ ආකාරයෙන් දේශපාලන පළිගැනීම් සිදුකිරීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ විරෝධයට ලක් වූ ‘කොතලවෙල ආරක්ෂක විශ්ව විද්‍යාල නව පනත’ ඉදිරියේ සම්මත කිරීමට අපේකෂා කරන නිසා බව පැහැදිලි වේ.