தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
සිසේරියන් සැත්කමකදී පැලෝපීය නාලවලට හානි කළ නොහැකියි - මහාචාර්ය හේමන්ත සේනානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිසේරියන් සැත්කමකදී පැලෝපීය නාලවලට හානි කළ නොහැකියි – මහාචාර්ය හේමන්ත සේනානායක



කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී පැලෝපීය නාලවලට හානි කරන ලද බව එල්ල වන චෝදනාව සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් සිදු නොකිරීම ලංකාවේ මාතෘ සහ ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝක පරිමාණයෙන් අත්කරගෙන ඇති පිළිගැනීමට අහිතකර ලෙස බලපෑ හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ නාරි හා ප්‍රසව වෛද්‍ය පීඨයේ ප්‍රධානී මහාචාර්ය හේමන්ත සේනානායක පවසයි.

මහාචාර්ය හේමන්ත සේනානායක පවසන්නේ ජනතාව කටකතා සහ හැඟීම්වලට ඉඩදී කටයුතු නොකර තහවුරු වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

එවැනි සැත්කමකදී පැලෝපීය නාලය දක්නට නොලැබෙන බැවින් සහ අනිකුත් වෛද්‍ය නිළධාරීන්ට නොපෙනී එවැනි දෙයක් කළ නොහැකි බවත් මහචාර්යවරයා පවසයි.

එසේම ප්‍රසව සහ නාරිවේදය සම්බන්ධ විශේෂඥයන්ගේ මැදිහත්වීමෙන් මේ සම්බන්ධ පරීක්ෂණයක් කඩිනමින් කළ යුතු බවද මහාචාර්ය හේමන්ත සේනානායක පවසා ඇත.