தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
සීනි පාලන මිලත් ඉවත්වෙන ලකුණු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සීනි පාලන මිලත් ඉවත්වෙන ලකුණු



සීනි සඳහා රජය පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ගැසට් පත්‍රයක් හරහා පාලන මිලක් නියම කිරීමට කටයුතු කළ නමුත් මේ වනවිට සිල්ලර වෙළඳපොලේ පාලන මිල ඉක්මවා සීනි අලෙවි වෙමින් තිබේ. පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

සීනි මිල රුපියල් 200 ද ඉක්මවා යාමෙන් පසුව සුදු සීනි සඳහා රුපියල් 125 ක් ලෙසත් දුඹුරු සීනි සඳහා රුපියල් 128 ක් ලෙසත් පාලන මිලක් නියම කර තිබේ. කෙසේ නමුත් සීනි ආනයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවන අතර ඊට හේතු වී තිබෙන්නේ ආනයන සඳහා වාණිජ්‍ය බැංකු මගින් ණයවර ලිපි නිකුත් නොකිරීමයි. ඩොලර් අර්බුදයද මීට හේතු වී තිබේ.

මෙම තත්වය මත සීනි ආනයනකරුවන් ඔවුන් සතු සීනි තොග ඉහළ මිලකට වෙළඳපොලට නිදහස් කරමින් සිටින අතර මේ නිසා පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීමට වෙළඳුන්ට සිදුව තිබේ.