தமிழ்
English
Contact
Friday 29th May 2020    
සීනි මිල පාලනය අවසන් - කිලෝව 120 දක්වා ඉහළට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සීනි මිල පාලනය අවසන් – කිලෝව 120 දක්වා ඉහළට!



සුදු සීනි කිලෝවක් සඳහා නියමකර තිබූ රුපියල් 100 ක උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉවත් කිරිම නිසා සීනි මිල රු 120 දක්වා ඉහළ නැග තිබේ.

සීනි කිලෝවක් මෙරටට ගෙන්වීමේදී රුපියල් 115 කට වඩා වැඩි මිලක් වැයවීම හේතුවෙන් මෙම උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට සිදුවී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි. මේ වන විට සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 112 ක් පමණ වෙතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති. මිල පාලනය යටතේ පවා සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 120, 125 වශයෙන් පැවති අතර ලංකා ස.තො.ස මගින් සුදු සීනි කිලෝවක් රුපියල් 119 කට අලෙවි කෙරිණි.

සීනි තොග මිල ඉහළයාමට හේතුවී ඇත්තේ ඩොලරයේ අගය ඉහළයාමත්, දැනට ලොව පුරා පැතිර පවතින කොරෝනා වයිරසය හේතුවෙන් සීනි ආනයනය කිරීමේදී නැව් ගාස්තු සහ ප‍්‍රවාහන ගාස්තු ඉහළයාමත් නිසා බව පවසන තොග වෙළෙන්දෝ සීනි මෙට්‍රික්ටොන් එකක මිල මේ වන විට ඩොලර් 390ත් 400ත් අතර පවතින බව ද කියා සිටිති.