தமிழ்
English
Contact
Wednesday 12th August 2020    
සුදුවෑන් ගැන විමර්ශන නෑ - රාජිත පස්සෙන් පන්නනවා - සුමන්දිරන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සුදුවෑන් ගැන විමර්ශන නෑ – රාජිත පස්සෙන් පන්නනවා – සුමන්දිරන්



සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන කිසිවක් සිදුනොකර, එවැනි සිදුවීම් ගැන මාධ්‍ය හමුවකදී හෙළිකළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමක් සිදුවන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියයි.

එක්සත් ජාතික පක්ෂය අද(26) කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්විමින් ඔහු මෙසේ පැවසීය.

“සුදු වෑන් පැහැරගැනීම් ගැන කියවුණේ ඊයේ පෙරේදා නෙවෙයි. අවුරුදු 10ක විතර ඉදලා අපේ සමාජයේ කතාබහට ලක්වන දෙයක්. මම ඒ දේට සම්බන්ධ වෙලා හිටියා, කිව්වහම ඒ සිද්ධිය ගැන හොයලා බලන්න ඕනේ. එහෙම නැතුව සාකච්ඡාව සංවිධානය කරපු මන්ත්‍රීවරයා අල්ලගත්තට වැඩක් නෑ.”