Posted on 01.20.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
රුසියාවේ විපක්ෂ දේශපාලනඥයන් අතර ජනාධිපති පුටින්ට වඩාත් අභියෝගාත්මක පුද්ගලයා ලෙස සැළකෙන ඇලෙක්සි නවාල්නි රටට ඇතුළු වූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
විවිධ චෝදනා යටතේ විරුද්ධ මතධාරින් අත්අඩංගුවට නෙ සිරගතකිරීම රුසියාවේ සුලභව සිදුවන්නකි. නවාල්නිට මීට පෙරාතුව හිමිවූ අත්හිටවූ සිර දඬුවම් ගර්හා කිරීම හේතුවෙන් ඔහුට වසර තුනහාමාරක සිර දඬුවම් නියම වනු ඇතැයි පැවසේ.
විෂ ශරීරගත වීම හේතුවෙන් මාස පහක් පමණ ජර්මනියේ නැවැතී ප්‍රතිකාර ලැබූ ඔහුජනවාරි 17 වැනිදා නැවත රුසියාවට පැමිණියේය.
2020 අගෝස්තු මාසයේදී පෞද්ගලික ජෙට් යානයකින් ගමන් ගනිමින් සිටියදී ඔහු දැඩි ලෙස රෝගාතුර විය. ප්‍රතිකර පිණිස ගුවන්යානයෙන් ජර්මනිය කරා ගෙන ගිය ඔහුගේ දිවි ගලවා ගත්තේ දැඩි වෙහෙසක් දරමින් බව වෛද්‍යවරු පැවසූහ. ඔහුට ශරීරගත වී තිබුණේ ‘නොවිචොක්’ නමැති විස රසායනය යැයි ජර්මානු ආරක්ෂක අංශ අනාවරණය කරගත් අතර ක්‍රෙම්ලීන බලධාරින් එම සොයාගැනීම් ප්‍රතික්ෂේප කළේය. ප්‍රතිකාර අවසානයේ ඔහු රුසියාවට පැමිණි අතර මොස්කව් ගුවන් තොටුපොළේ දී හෙතෙම එලෙස අත්අඩංගුවට පත්විය.
පුටින් ජනාධිපතිවරයා විසින් විරුද්ධ මතධාරින් මර්දනය කරමින් ගෙනයන පාලනය ඒරට ජනතාව මෙන්ම විවිධ රටවල දෝෂදර්ෂනයට ලක්ව ඇත.