தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
සුව වූ කාන්තාවකට නැවතත් කොරෝනා ආසාදනය වෙලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සුව වූ කාන්තාවකට නැවතත් කොරෝනා ආසාදනය වෙලා



අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවක් වාර්තා වී තිබේ. මෙම කාන්තාව පසුගිය මස 18 වන දින කුවේට් සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ බවට හෝමාගම රෝහලේදී සිදුකළ වෛද්‍ය පරික්ෂණයන් ගෙන් තහවුරු වීමෙන් අනතුරුව 36 හැවිරිදි එම කාන්තාව නිවෙස කරා පිටත්කර යැවීමට රෝහල් බලධාරින් පියවර ගෙන ඇත.

අනුරාධපුරයේ, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිය නිවසට ඊයේ(15) දිනයේදී ඇය යලි යාමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා අද දිනයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කොට සිටින මෙත්සිරි සෙවණ වෙත ඇතුලත් වූ බවයි එහි අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර ප්‍රකාශ කර ඇත.

අද දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයක් අනුව එම කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවත් ඒ අනුව ඇයව IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත.

එමෙන්ම නව ආසාදිතයින් 16දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට තුළ වාර්තාවූ කොරෝනා ආසාදිතයින් ගණන 1905 දක්වා ඉහළ ගොස් තිබේ.