தமிழ்
English
Contact
Friday 16th April 2021    
සූවස් ඇළේ සිරවී තිබූ නෞකාව මුදා ගනියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සූවස් ඇළේ සිරවී තිබූ නෞකාව මුදා ගනියි



සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව මුදා ගැනීමට හැකි වී තිබේ. සූවස් ඇළේ ඉවුරේ ගැටී සිරවුණු නැව ඉවත් කිරීමට වැලි ටොන් 20 කට වැඩි ප‍්‍රමාණයක් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් ඉවත් කෙරුණි.

ඉන්පසු ටග් බෝට්ටු ආධාරයෙන් නැව ඇදීම සහ තල්ලූ කිරීම සිදුවුණු බවත් උදම් රළ හේතුවෙන් නැව පා වී යෑමට සැලැස්වුණු බවත් පැවැසෙයි.

තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි ‘එවර්ගිවන්’ නෞකාව, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් එකකි.

මෙම නෞකාව ජපන් ජාතික ෂෝහෙයි කිසෙන් කයිෂාන් නම් ව්‍යාපාරිකයෙකුට අයත් එකකි.

2018 වසරේ නිෂ්පාදිත, මීටර් 400 ක් දිග, මීටර් 59 ක් පළල, ටොන් 2,00,000 බර, ‘එවර්ගිවන්’ නෞකාව, පසුගිය 23 වැනිදා, කිලෝ මීටර් 193 ක් දිගින් යුත් සූවස් ඇළට පිවිසියේ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර බලා යාත්‍රා කිරීමටය.

පළල මීටර් 200 ත් 300 ත් අතර පවතින සූවස් ඇළේ යාත්‍රා කරමින් තිබියදී ‘එවර්ගිවන්’ නෞකාව, වැලි කුණාටුවකට හසුවී, පාලනයෙන් ගිලිහී, පැත්තට හැරී, ඉදිරිපස වැලි තට්ටුවල ගැටී නතර විය. මේ අනුව අනුව සූවස් ඇළේ නැව් ගමනාගමනය මුළුමනින්ම අඩපණ විය.

නව මෙලෙස අනතුරට පත්වීම පිළිබඳ සොයා බැලීමට විශේෂ විමර්ශනයක් පැවැත්වෙන අතර, මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ නැව අනතුරට ලක්වූයේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ අත්වැරදීමක් නිසා බවයි.




Related News