தமிழ்
English
Contact
Friday 14th August 2020    
සේනාධිපතිට එරෙහි අල්ලස් නඩුව අත්හිටුවන ලෙස ඉල්ලා අතුරු තහනම් නියෝගයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සේනාධිපතිට එරෙහි අල්ලස් නඩුව අත්හිටුවන ලෙස ඉල්ලා අතුරු තහනම් නියෝගයක්



ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු යන අය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව පෙත්සම විභාග කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 02 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

පෙත්සම්කාර නිශ්ශංක යාපා සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු අධිකරණය හමුවේ ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම මඟින් සඳහන් කර තිබුණේ රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් තමන් ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය. එම නඩුව විභාග කිරීමට ගත් තීන්දුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණි.