தமிழ்
English
Contact
Friday 16th April 2021    
සේවක සෞඛ්‍යාරක්ෂාව නොතැකීම නිසා බස්නාහිර පළාතේ කර්මාන්ත ශාලා 800ක් වැහෙන්න යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සේවක සෞඛ්‍යාරක්ෂාව නොතැකීම නිසා බස්නාහිර පළාතේ කර්මාන්ත ශාලා 800ක් වැහෙන්න යයි



බස්නාහිර පළාත තුළ ඇති කර්මාන්ත ශාලා 800ක් පමණ කොවිඩ් බලපෑම මත ඉදිරියට ගෙනයාමේ දැඩි අර්බුදයකට මුහුණපා ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

මින් වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. එම ප්‍රමාණය හයසියයකට ආසන්නය. ආයෝජන මණ්ඩලය යටතේ පාලනය වන ආයෝජන ප්‍රවර්ධන කලාප පහක් වෙයි. එම කලාප පහේ කර්මාන්ත ශාලා 164ක් තිබේ. ඒ කටුනායක 79ක්, බියගම 55ක්, මීරිගම 8ක්, මල්වාන 6ක් හා වතුපිටිවල 16ක් වශයෙනි. මෙම කම්හල්වල අසූදහසකට ආසන්න පිරිසක් සේවය කරන බව පැවසේ.

මීට සාපේක්ෂව හොරණ හා සීතාවක ආයෝජන කලාපවලද කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමග එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

පළමු කොවිඩ් රැල්ල යම් තරමකට අඩු වීමෙන් පසු නැවත කොවිඩ් පැතිරීමේ අවදානමක් ඇති බව දන්වා තිබියදී පවා කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කිසිදු පියවරක් අනුගමනය නොකරන ලදී. මේ හේතුව නිසා බ්‍රැන්ඩික්ස් වැනි විශාල කර්මාන්තශාලාවක සියලු දෙනාට කොවිඩ් වැළදෙන තුරු කිසිවෙකු කොවිඩ් අවදානම ගැන අවධානය යොමු නොකරන ලදී. ඊට පසුවද අනෙක් කර්මාන්තශාලාවලට වසංගතය පැතිර යාම සක්සුදක් සේ පැහැදිලිව තිබියදී ආණ්ඩුව සිදුකළේ අනෙක් කර්මාන්තශාලා පවත්වාගෙන යාමට අවසර දීමයි. මේ අනුව කර්මාන්තශාලා බොහොමයක සේවක සේවිකාවන් කොවිඩ් වෛරසයට ගොදුරු විය.

රටේ ආර්ථිකය රැක ගැනීමට නම් නිෂ්පාදන කටයුතු පවත්වාගැනීමට එම රටේ ජනතාවද රැකියා යුතු වේ. ආර්ථිකය රැක ගැනීමට කියා ජනතාවගේ ජිවිත අවදානමේ දැමීම හරහා සිදුවන්නේ අවසානයේ කිසිවක් ඉතුරු නොවීමයි.