தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
සේවය හැරගිය හමුදාවේ 8,005ක් බාර වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සේවය හැරගිය හමුදාවේ 8,005ක් බාර වෙයි



නිදහස් දිනය නිමිත්තෙන් හමුදා සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කර තිබු සතියක පොදු සමාකාලය තුළ ති‍්‍රවිධ හමුදා සේවය හැරගොස් සිටි නිලධාරීන් 13 දෙනෙකු සමඟ සෙසු නිළයෙන් 8,005 දෙනකු බාර වු බව හමුදාව පවසයි.

මෙම පොදු සමාකාලය මස 05 වැනි දින සිට 12 වැනි දින දක්වා ප‍්‍රකාශයට පත්කර තිබිණි. එම කාලය ඊයේ(12) අවසන් විය.

බාරවූ පිරිසෙන් බොහෝ දෙනෙකු නැවත හමුදා සේවය එක් වු බවද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ පවසා ඇත.