தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
සොරකම් කර තබා ගෙන සිටි අලි පැටවු චූදිතයන්ටම යළි භාර දෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සොරකම් කර තබා ගෙන සිටි අලි පැටවු චූදිතයන්ටම යළි භාර දෙයි!



වනයේ සිට අලි පැටවුන් සොරකම් කර කූට ලේඛන යටතේ තබා ගෙන සිටි වංචනිකයන් ලෙස චෝදනා ලැබුවන්ට යළි ඒ පැටවුන් භාරදීමට අධිකරණය තීරණය කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කූට ලේඛන සකස් කර අලීන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව කෙරෙන පරීක්ෂණ හේතුවෙන් පින්නවල සහ ඇත් අතුරු සෙවනේ රඳවා සිටී අලින් 14 දෙනෙකු ‘මාස තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමේ කොන්දේසිය මත’ ඔවුන් කූට ලෙස තබා ගෙන සිටි චූදිතයන්ට තාවකාලිකව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් නියෝග කළේය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව සහ 2241/21 අගෝස්තු මස 19 වැනි දා දරණ ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම අලි පැටවුන් ලියාපදිංචි නොකර තබා ගැනීමේ චෝදනා එල්ල වී ඇති අතර ලියාපදිංචියට කූට ලෙස සකස් කළ ලේඛන ඉදිරිපත් කිරරීමේ සිට අලි ඇතුන් ලියාපදිංචි කිරීමට ඇති ‘අලි පොත’ පිටු ගලවා ඉවත් කිරීම වැනි චෝදනා ගණනාවක් මේ සම්බන්ධව සාකච්ඡා වී ඇත. මෙම අලින් 14 දෙනාගේ ‘පැරණි හිමිකරුවන්ට ම භාරකාරත්වය ලබාදීමට ලියාපදිංචි කරන ලෙසට’ දන්වමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.

මෙසේ අපරාධ පරික්ෂණයක සැකකරුවන් ලෙස චෝදනා ලැබුවන් විසින් අධිකරණයට කළ ඉල්ලීමක් සළකා බලමින් මෙම සතුන් ලියාපදිංචි කිරීම සඳහා මුදා හරින්නට අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

2014 වසර වන විට අලි පැටවුන් ජාවාරමට විරුද්ධව පරිසර සංවිධාන විසින් සිදු කළ දැඩි බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අලි පැටවුන් 38 ක් අත් අඩංගුවට ගෙන චූදිතයන්ට නඩු පවරන ලදී. මෙම ූදිතයන් වැඩි දෙනා රාජපක්ෂ පාලනයට සම්බන්ධකම් හෝ එම දේශපාලනයේ බලවතුන් හා සබඳතා ඇතිවුන් බව පසුව අනාවරණය විය. ගෝඨාභය පාලනය යටතේ චූදිතයන් නඩු ක්‍රියාදාමයෙන් ගලවා ගැනීමේ ක්‍රියාදාමය අලි පැටවුන් ජාවාරමටද අදාළව ඉදිරියට ගෙන යන ලදී. 2021 මාර්තු මස 12 වන දින අමාත්‍ය මණ්ඩල සංදේශ අංක MBRCA/01/07/2021/CP/06 යටතේ “අධිකරණ ක්‍රියාමාර්ග හා විමර්ශන කටයුතු සිදු කරමින් පවතින හීලෑ අලි ඇතුන් සම්බන්ධ ව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා සන්තකය පැවරීම” නමින් අගමැති සහ බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ආර්.එස්.සී.බී. රත්නායක විසින් ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරණ ලද්දේ ඒ වෙනුවෙනි. දැනට බලපත්‍ර ලබා දී ඇති හා නොමැති හීලෑ අලි ඇතුන් නැවත විධිමත් පරිදි ලියාපදිංචි කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයාට පැවරීමට හා දැනට නීතිමය කටයුතු සිදු කරමින් පවතින හීලෑ අලි ඇතුන් සම්බන්ධ ව සියලූ ම නඩු කටයුතු ඉල්ලා අස්කර ගැනීම සිදු කර මෙම සතුන් සන්තකය පවරනු ලබන කොන්දේසිවලට යටත් ව දැනට හිමිකාරීත්වය දරන පුද්ගලයන් වෙත ලබා දීමට එම කැබිනට් සංදේශය මගින් ඇමති මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබිණි. නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ම බිඳ දමමින් කටයුතු කිරීමට මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත්තේ අලි ජාවාරම්කරුවන් හා හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ දැඩි බලපෑම මත බව ඉතා ම හොදින් තහවුරු වේ.

2014දී අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කර ඇති අලි පැටවුන් 38 දෙනා අලි ජාවාරම්කරුවන් වෙත නැවත ලබා දීම අරමුණු කරගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇමති මන්ඩලය විසින් සම්ම්ත කළ කැබිනට් සංදේශය මගින් 1991 මැයි මස 14 වන දින අංක 662/4 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 1991 දළ ඇතුන් හා ඇතුන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා බලපත්‍ර දීමේ නියෝග හෑල්ලුවට ලක් කර ඇත.