Posted on 01.15.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තමා මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසා තිබේ. ඊයේ රාත්‍රියේ දුරකථනය මගින් මාධ්‍ය ආයතන කිහිපයකට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව පවසා ඇත.
ඔහුගේ නිවසේ පසුගියදා පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරුවීමත් සමග පාදෙණිය එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැණුනි. ඒත් සමඟම ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස සෞඛ්‍ය බලධාරින් විසින් එකී අවස්ථාවට පැමිණි පුද්ගලයන්ගේ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇත.
ඒ අනුව අදාළ නිරෝධායන කටයුතු සඳහා පසුගියදා (13) රාත්‍රීයේ සහ ඊයේ (14) පෙරවරුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසට ගොස් තිබුණත් එහි කිසිවෙකු රැඳී සිට නොමැති බව වාර්තා විය. ඔහුගේ නිවසේ පිවිසුම් ගේට්ටු අගුලු ලා විදුලිය නිවා දමා තිබූ බව අනාවරණය විය. ඇතැම් පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ ඔහු නිවසේ සැඟවී ඇති බවයි.
කෙසේවෙතත් තම නිවසේ වසා දමා තිබීමට හේතු ලෙස අනුරුද්ධ පාදෙණිය සඳහන් කරන්නේ තමන් තම නිවසේ සේවය කරන පුද්ගලයෙක් නිවෙස වෙත ඇරලවිම සඳහා රත්නපුරයට ගිය බවයි. දැනට තමන් ස්වයංනිරෝධයනයේ සිටින බවද ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.
සෞඛ්‍ය මාර්ගෝපදේශ රකින ලෙස නිතර දෙවේලේ උපදෙස් දෙමින් සිටි අනුරුද්ධ පාදෙණිය ඒ නීති රීති කොයිතරම් දුරට පිළිපැද ඇද්දැයි යන ප්රශ්නය මතුවේ. එසේම ඔහු වෛද්‍යවරයෙක් වූ පමණින් සෞඛ්‍ය මාර්ගෝපදේශ තමන් කැමති කැමති ආකාරයට යොදාගැනීමේ හැකියාවක් නැත. පාදෙණිය පවසන්නේ සත්‍යක් නම් තමන් කැමති තැනක ගොස් පසුව ස්වයං නිරෝධායනය වන බව කීම සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කිරීමකි. අනිත් අතින් පසුගිය කාලයේ වෛද්‍යවරයෙකු වූ පාදෙණිය පෙනී සිටියේ කොවිඩ් එන්නත්වලට වෙනුවට දුම් හට්ටි සහ පැණි වෙනුවෙනි. එම නිසා පැණි බීම නිසා තමන්ට කොවිඩ් වැලඳෙන්නේ නැතැයි යන විශ්වාසය පාදෙණිය තිබෙන්නේ නම් එනිසා සැඟව නොසිට නොබියව පරීක්ෂණවලට පෙනී සිටිය යුතුය.