தமிழ்
English
Contact
Friday 14th August 2020    
මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ගැසට් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ගැසට් කරයි



මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

2184/34 අංකය දරණ එම අති විශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව ඊයේ නිකුත් කෙරුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද මහාධිකරණ කාලසීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසි කෙටුම්පතෙහි සඳහන් මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇත. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පවසා ඇත .

එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි එහි අන්තර්ගත වේ. පරිච්ඡේද හතකින් මෙම මාර්ගෝපදේශය ඉදිරිපත් කර ඇති අතර විශේෂිත අවස්ථා නම් වූ දෙවැනි පරිච්ඡේදයෙන් ප්‍රචාරක රැස්වීම්, ප්‍රචාරක පත්‍රිකා නිවෙස්වලට බෙදාදීම, මැතිරවණ කාර්යාල, පුහුණු වැඩසටහන්, දිස්ත්‍රික් තේරීම් භාර කාර්යාලවලදී ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීම සහ මිටි බැඳීම, තැපැල් ඡන්දය, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්ද කාඩ්පත පරිහරණය කිරීම, ඡන්ද මධ්‍යස්ථානය, නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්දය පැවැත්වීම, ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී ඡන්ද පෙට්ටි භාර ගැනීම, ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී පිළිපැදිය යුතු ආචාර විධි, ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය, කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ ප්‍රවාහනය, ආපනශාලා සහ ආහාර ගැනීමේ ස්ථාන ලෙස කරුණු ඉදිරිපත් කර තිබේ.