தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වෙන් කළ මුදල් ගැන සාගල බොරු කිවූ බව හෙළි වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වෙන් කළ මුදල් ගැන සාගල බොරු කිවූ බව හෙළි වේ



පසුගිය වසරේ සමස්ත අයවැයෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා සියයට 25ක් මුදලක් වෙන් කරන ලද බවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පුවත්පතකට කරන ලද ප්‍රකාශය සාවද්‍ය බව අනාවරණය වී තිබේ.

මහා බැංකු විසින් 2017 වර්ෂය සඳහා නිකුත් කර ඇති වාර්තාව අනුව 2018 වසරේ සෞඛ්‍යට සහ අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 544කි.

එහිදී 2018 වර්ෂයේ රජයේ වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 2913කි. ඒ අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුළු මුදල ප්‍රතිශතයක් ලෙස සියයට 25ක් නොව සියයයට 18.68ක් බව පෙනේ.