தமிழ்
English
Contact
Friday 14th August 2020    
සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව ගැන සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයෙන් ඉල්ලීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව ගැන සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයෙන් ඉල්ලීමක්



කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳන ලෙස බලකරමින් සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මගින් සෞඛ්‍ය සේවක සංගමය පවසා සිටින්නේ සෞඛ්‍ය සේවකයින් මෙකී රෝගයට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බැවින් ඔවුන්ට අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ කඩිනමින් ලබාදෙන ලෙසයි. එසේම සෞඛ්‍ය සේවකයන්ට වඩා ආරක්ෂාකාරී ප්‍රවාහන සැලැස්මක් සකසන ලෙසද මෙම ලිපිය මගින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අධ්‍යකෂක ජෙනරාල් , සෞඛ්‍ය අමාත්‍යංශය, කොළඔ 10. 2020/03/24
මහත්මයාණෙනි,
covid19 වෛරස් රෝගය හමුවේ සෞඛ්‍ය සේවකයින් මුහුණ දෙන කඩිනමින් විසදාගත යුතු ගැටළු සම්බන්ධවයි.

covid 19 වෛරස් රෝගය ලංකාව තුළ ව්‍යාප්ත වීම හමුවේ සෞඛ්‍ය සේවාව අත්‍යවශය සේවාවක් බවට පත්ව ඇත. එමෙන්ම මෙම රෝගීන් සමඟ දිගින් දිගටම කටයුතු කරන සෞඛ්‍ය සේවකයින් මෙකී රෝගයට ගොදුරුවීම ස`දහා දැඩි අවදානමක් පවතී. දැනටමත් මෙකී රෝගී තත්වය මැඩලීම සඳහා අප සතුව ඇති සෞඛ්‍ය සේවකයින් ප‍්‍රමාණවත් නොවන තත්වයක, ඔවුන් රෝගයට ගොදුරු වීම වලක්වා සුරක්ෂිත කිරීම රජයේ වගකීමකි. මෙවැනි තත්වයක් යටතේ සෞඛ්‍ය සේවකයින් මුහුණ දෙන ප‍්‍රධාන ගැටළු කීපයක් සම්බන්ධව අවධානය යොමු කරලීම සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය වන අපගේ අරමුණයි.

සෞඛ්‍ය සේවකයින්ට මෙම රෝගීන් සමඟ ගණුදෙනු කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ වල පවතින හිඟය සෞඛ්‍ය සේවකයන් රෝගයට නිරාවරණය වීමට ඇති අවදානම වැඩි කරයි. මේ නිසා එම අත්‍යාවශ්‍ය උපකරණ කඩිනමින් ලබා දීම බලධාරීන්ගේ වගකීමකි. මේ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසද අපි බලකරන්නෙමු.

දැනට ලංකාව පුරා පනවා ඇති ඇඳිරි නීති තත්වය යටතේ සෞඛ්‍ය සේවකයන්ට සිය රාජකාරී ස්ථාන කරා ළඟාවීමට ප‍්‍රවාහන පහසුකම් සපයා ඇත. එය සාධනීය තත්වයක් ලෙස අප සලකන්නෙමු. එක් රථයක ගමන් කරීමට සිදුවන සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාව වැඩි වීම, රෝගය තවදුරටත් පැතිරීමට හේතුවේ. මේ නිසා ඔවුන්ට වඩා ආරක්ෂාකාරී ප‍්‍රවාහන සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙසද වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අපි බලකරන්නෙමු.

මෙයට

ටැම්පිටියේ සුගතානන්ද හිමි,
ප‍්‍රධාන ලේකම්,
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය.