தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
සෞඛ්‍ය සේවකයෝ අයිතීන් ඉල්ලා උද්ඝෝෂණයක් අරඹති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය සේවකයෝ අයිතීන් ඉල්ලා උද්ඝෝෂණයක් අරඹති!



වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ සියලු සේවකයන් සහභාගි කරගත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට ‘සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය’ තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් මුහුණ දෙන දුෂ්කරතා, සේවය අපේක්ෂා කරන ජනතාව මුහුණ දෙන ගැටලු මෙන්ම ආණ්ඩුව විසින් සෞඛ්‍ය සේවය මුදලට විකිණීමේ සැලසුම් ඉදිරියට ගැනීමට එරෙහිව මෙම විරෝධතා රෝහල් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

අතිකාල රේට් ක්‍රමයට ගෙවනු, සියලු ආදේශක සේවකයන් ස්ථිර කරනු,  පැය හයේ වැඩ දිනය සහ දින පහේ වැඩ සතිය ලබා දෙනු! යන සටන් පාඨ පදනම් කරගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කිරීම හෙට දහවල් 12 කෑම පැයේදී සිදුකරන්නට ‘සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය’ කටයුතු සූදානම් කර ඇත.