தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
සෞඛ්‍ය සේවක සංගමයේ සුගතානන්ද හිමි අත්අඩංගුවට ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය සේවක සංගමයේ සුගතානන්ද හිමි අත්අඩංගුවට ගනී!



ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(30) මාළිගාකන්ද අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිටි අවස්ථාවේ ඒ හිමියන් රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විරෝධතාවකදී සිදු වූ බව කියන නීති විරෝධී කටයුතු සම්බන්ධ පොලිසිය විසින් චෝදනා නගා ඇත්තේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇතුළු විරෝධතාවට සහභාගි වූ සංවිධාන නියෝජිතයන්ටය. මෙම විරෝධතාවට සහභාගි වූ පිරිස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද එය නොලැබුණු හේතුවෙන් අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වීමේදී අලාභහානි  සිදුව ඇති බවට පොලිසිය චෝදනා කරයි.