தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
“හතේ අපේ පොත" ගැන සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් අතර සාකච්ඡාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“හතේ අපේ පොත” ගැන සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් අතර සාකච්ඡාවක්



මතභේදයට තුඩු දී ඇති ලිංගික අධ්‍යාපන අතිරේක කියවීම් පොත “හතේ අපේ පොත” පිළිබඳව විමසා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය අනිල් ජාසිංහ මෙම අදහස් පලකළේය.

නව යොවුන් වියට එළඹෙන පාසල් දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනයේ ප්‍රවේශයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මුද්‍රණය කරවා රජය විසින් බෙදාහැර ඇති ‘හතේ අපේ පොත’ පොත් පිංචට එරෙහිව මැදගොඩ අභයතිස්ස හිමි විසින් ප්‍රකාශයක් සිදුකර තිබුණි.

සමාජයේ ඇති වැරදි නැඹුරුවීම් හා සම්බන්ධතා පිළිබඳ නරක අදහස් මෙම පොත තුළින් ළමුන්ට ලබා දෙන බවත් පැවසු උන්වහන්සේ අතලොස්සක් එවැනි ක්‍රියා හේතුවෙන් සමස්ත සමාජයට මෙය ගළපා ගැනීමට යෑමෙන් සමාජ බැඳීම් විනාශ වී යන බවත් පැවසීය. මෙය හුදෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවු වැරදීමක් නොවන බවත් පැවසු උන්වහන්සේ මෙය හිතා මතා සිදුකර ඇති සංස්කෘතික විනාශයේ එක් කොටසක් බවත් කියා සිටියේය.

එහෙත් ඒ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු වූවන් මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශය විවේචනය කර තිබුණි. ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුනේ මෙම කෘතිය මගින් දරු දැරියන්ට ලිංගික වශයෙන් ශාරීරිකව, මානසිකව හා සාමජයීයව ඇතිවන ගැටලු විඳාගැනීමට මගපෙන්වීමක් ලැබෙන බවයි.