தமிழ்
English
Contact
Sunday 26th May 2019    
සෞඛ්‍ය සේවා ගැටලු රැසක් ඇමති, අමත්‍යාංශය නිදි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය සේවා ගැටලු රැසක් ඇමති, අමත්‍යාංශය නිදි!



සෞඛ්‍ය අමාත්‍යවරයා විවිධ පුරාජේරු ප්‍රකාශ නිකුත් කළද මේ වනවිට සෞඛ්‍ය සේවයට අදාළ ගැටලු රැසක් දිග්ගැස්සෙමින් පවතින බව රෝහල්වලින් හා රෝගීන්ගෙන් වාර්තා වේ.

දිවයිනේ රාජ්‍ය රෝහල්වල රෝගින්ට අත්‍යවශ්‍ය ඖෂධ හිගකම මෙන්ම පරිපාලනය දක්වාම ගැටලු රැසක් උද්ගත වෙමින් පවතින බව රෝහල් කාර්ය මණ්ඩල අනාවරණය කරයි. විශේෂයෙන් පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් දීර්ඝකාලීන වශයෙන් පවතින නමුත් ඒ ඒ අවස්ථාවේ පැළැස්තර විසදුම් මිස නිසි අවධානයකින් හා සැලසුම්සහගත ක්‍රියාදාමයකට නායකත්වය දීමට දේශපාලන අධිකාරිය අසමත්ව ඇත. රෝහල් අධ්‍යක්ෂවරුන් පත්කිරීම, වෛද්‍ය පත්වීම්, මාරු කිරීම් පමණක් නොව, වෙනත් රෝහල් කාර්ය මණ්ඩලවල පත්වීම්, වැටුප් ගැටලු යනාදී වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් මහජන සේවාවට බලපාන බරපතළ ගැටලුවලට සෞඛ්‍ය ඇමතිවරයාගේ පුරාජේරුවෙන් විසදුම් නොලැබෙන බව සෞඛ්‍ය සේවකයෝ පවසති.