Posted on 09.27.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සෞඛ්‍ය සේවයේ ගැටලු සම්බන්ධයෙන් අද දහවල් කොළඹ ජාතික රෝහලේ පැවති වෘත්තිය ක්‍රියාමාර්ගය අවස්ථාවේ අත්අඩංගුවට ගැනීඹක් සිදු වූ බව වාර්තා වේ.
රෝහල් සේවක සේවිකාවන්ට රු. 7,500.00 අවදානම් දීමනාව ගෙවීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගෙන සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති 44ක් අද පෙරවරු 7.00ට ආරම්භ කළ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා දිවයිනේ රෝහල් ගණනාවක බාහිර රෝගී අංශ කටයුතු ඇණ හිට තිබේ. මෙම ක්‍රියාමාර්ගය දහවල් 12.00ට අවසන් වූ අඅතර ජාතික රෝහලේදී එක් අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.