தமிழ்
English
Contact
Thursday 12th December 2019    
සෞදියේ කාන්තාවන්ගේ තහංචි ලිහිල් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞදියේ කාන්තාවන්ගේ තහංචි ලිහිල් වේ!



සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍යයක් ලෙස, ෂරියා නීතිය යටතේ සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා ඇති සීමා හා තහංචි අතුරින් කිහිපයක් ඉවත් කිරීමට රජු විසින් කටයුතු කර ඇත.

සෞදි රාජ්‍යය එරට කාන්තාවන්ට තනිව ගමන් කිරීමේ පාලන නීති ලිහිල් කරමින් වයස 21ට වැඩි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව විදේශ සංවාරයේ යෙදීමට අවසරයක් දී තිබේ. මීට අමතරව විවාහ, දික්කසාද හා දරු උපත් ලියාපදිංචි කිරීමේ අවසරයක් ද කාන්තාවන්ට හිමිවන බව ප්‍රකාශයට පත්කර ඇත.
කාන්තාවන්ට අදාළ රැකියා නීති රීති ද වෙනස් කර ඇති අතර ලිංගිකත්වය, ආබාධ හෝ වයස් භේදයකින් තොරව රැකියා ලබා ගැනීමේ අයිතිය හිමිව ඇතැයි සෞදි පුවත්සේවා සඳහන් කරයි.

සෞදි අරාබියේ ඉහළ පැළැන්තියේ කාන්තාවන් කිහිපදෙනකු එරටින් පලායෑමට උත්සාහ කිරීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා විය. සිදුකර ඇති මෙම නීති සංශෝධන ක්‍රියාවලියට එවැනි සිදුවීම්වලින් යම් බලපෑමක් ඇතිකරන ලද බවට නිරීක්ෂකයෝ පවසති.