தமிழ்
English
Contact
Sunday 20th January 2019    
සෞදි අරාබිය කැනඩා තානාපති නෙරපයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞදි අරාබිය කැනඩා තානාපති නෙරපයි



පසුගිය 6 වැනිදා ඩෙනිනස් හෝර්ක් කැනඩා තානාපතිවරයාට පැය 24ක් තුල සොදි අරාබියෙන් පිටව යන ලෙස දන්වීය. කැනඩා තානාපතිවරයාට මෙසේ සෞදි අරාබියෙන් පිටව යන ලෙස දන්වා ඇත්තේ පසුගියදා අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක්‍රියාකාරිකයකු අත්අඩංගවට ගැනීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙනය.

පසුගිය මැයි මස සිට සෞදියේ මානව හිමිකමි ක්‍රිකාකාරීකයින් 15 දෙනෙක පමණ විවිද අවස්ථාවල අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුගිය දින එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ සමාරා බඩාවිය.

මානව හිමිකම් ක්‍රියාකාරිකයකු අත්අඩංගුට ගැනීම පිළිබදව සිය අදහස් පළකරමින් කැනඩා තානාපතිවරයා සිය අප්‍රසාදය පළකරමින් අදහස් දක්වා ඇත. මෙම ප්‍රකාශය පිළිබදව සෞදි ආරබිය පවසා තිබෙන්නේ කැනඩා තානාපතිවරයා සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්ව තිබෙන බවයි.

එය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලටද අහිතකර වත්ය. එබැවින් වහාම රියාද්හි සිටින කැනඩා තානාපතිවරයාට සිය රටින් පිටව යන ලෙස සෞදි බලධාරීන් නියෝග කර තිබේ.

ඊට අමතරව කැනඩාවේ සිටින සෞදි තානාපතිවරයාද වහාම සිය රටට ගෙන්නවා ගැනීමටද පියවර ගන්නා බව ප්‍රකාශකර තිබේ.




Related News