தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
සෞන්දර්ය විශ්වවිද්‍යාල ප්‍රශ්නයට විසඳුම් දෙනු! - අ.වි.ශි.බ.ම. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞන්දර්ය විශ්වවිද්‍යාල ප්‍රශ්නයට විසඳුම් දෙනු! – අ.වි.ශි.බ.ම.



සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුන් බදවාගැනීමේදී පැවති ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීම පිළිබඳ විරෝධය දක්වමින් මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල නියෝජිතයෝ අද(2) දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණියහ.

ප්‍රායෝගික පරික්ෂණ අහෝසි කිරීම සම්බන්ධ විරෝධය දක්වමින් ඔවුන් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් බාරදෙන ලදී. එහිදී කොමිෂන් සභාවේ සභාපතිවරයෙකු හා කාර්ය මණ්ඩලය තවමත් පත් කර නොමැති නිසා ලිපිය භාරගත නොහැකි බව පොලීසිය විසින් දන්වන ලදී. එසේ වුවද සිසුන් එල්ල කළ විරෝධය හමුවේ උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන සමග සාකච්ඡාවකට අවස්ථාව ලබා දෙන ලදී. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ ශිෂ්‍ය නියෝජිතයෝ ඔහු වෙත සිය ලිපිය භාර දෙන ලදී.

ඇමතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී පහත කරුණු අවධාරනය විය. උසස් අධ්‍යාපන ඇමතිවරයා ලිඛිතව ඉදිරිපත් කළ සෞන්දර්ය විශ්වවිද්‍යාල ගැටලුවලට සති 02ක් ඇතුළත විසඳුම් ලබාදීමට පොරොන්දු විය. නමුත් මින් පෙර ද අවස්ථා කිහිපයකදීම උසස් අධ්‍යාපන ඇමතිවරයාට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිපි යොමු කරමින් විසඳුම් ලබා දෙන ලෙස පැවසූ නමුත් ඒවා නොසලකා හැරි බව ශිෂ්‍ය නියෝජිතයන් විසින් අවධරනය කරන ලදී, එසේම ප්‍රායෝගික පරීක්ෂණය හා යෝග්‍යතා පරීක්ෂණ අත්හිටුවීමට 2012 වසරේදී ද කටයුතු කළ අවස්ථාවේ ආචාර්යවරුන්, සිසුන් සහ දෙමාපියන් විරෝධය දැක්වීම හේතුවෙන් එය හකුළා ගත්තේද වත්මන් ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම බව එහිදී ශිෂ්‍ය නියෝජිතයන් විසින් පෙන්වා දෙන ලදී.

ආචාර්යවරුන්ගේ, විෂය ප්‍රවීණයන්ගේ අදහස් විමසීමක් හෝ නොකර ප්‍රායෝගික පරීක්ෂණය හා යෝග්‍යතා පරික්ෂණය අහෝසි කිරීමට ගත් අත්තනෝමතික විසින් විශාල සිසුන් ප්‍රමාණයකට අසාධාරණයක් සිදුව ඇත. එහිදී ඇමතිවරයා පවැසුවේ මෙම ගැටලුව පිළිබඳව තමන් නොදැන සිටි බවයි. 2012 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිව සිටි බන්දුල ගුණවර්ධන පැවසුවේ එම වසරේ ප්‍රායෝගික පරීක්ෂණ හා යෝග්‍යතා පරික්ෂණ අත්හිටුවීම පිළිබඳව තමන් කිසිවක් දැන සිටියේ නැති බවය. ආචාර්යවරුන් හා විෂය ප්‍රවීණයන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා සිදුකරන බව පැවසු ඇමතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව කාර්යමණ්ඩලය පත් කළ වහාම පළමු කාර්ය ලෙස මේ සඳහා විසඳුම් ලබාදෙන බවට ප්‍රකාශ කරණ ලදී.

එහෙත් එම ප්‍රතිචාරය ඇමතිවරයා විසින් ශිෂ්‍ය නියෝජිතයන් රැවටීමේ අදහසින් දක්වන ලද්දක් බව අ.වි.ශි,බ.ම. නියෝජිතයන් විසින් පැහැදිලි ලෙස අවධාරනය කෙරිණි.