தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
'සෞභාග්‍යා' ආණ්ඩු පක්ෂයේ දේශපාලන ඇස්බැන්දුමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘සෞභාග්‍යා’ ආණ්ඩු පක්ෂයේ දේශපාලන ඇස්බැන්දුමක්!



කොවිඩ් නයින්ටීන් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුකර ඇති පසුබිමක ගෙවත්තේ වගාකිරිමට ‘සෞභාග්‍යා’ නමින් ආණ්ඩුව ආරම්භ කළ වැඩසටහන හුදු ප්‍රචාරක ව්‍යාපාරයක් බව දැනගන්නට ඇත.

තමන්ට අවශ්‍ය ආහාර ගෙවත්තේදීම සකස් කරගැනීමට ජනතාව උනන්දු කරවන බව කියන මෙම වැඩසටහන හරහා දේශීය ගොවීන්ගේ අස්වනු විකිණීමේ ගැටලුවේ සිට පාරිභෝගික ජනයාට පහසු මිලට ඒවා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් නොමැතිකම වසන් කරන්නට ආණ්ඩුව සූදානම් වේ.

ජනතාවට අත්‍යාවශ්‍ය එළවළු හා පළතුරු අඛණ්ඩව ලබා දිමට මැදිහත්වන බවට ප්‍රචාරය කරමින් ආණ්ඩුව පසුගියදා “සෞභාග්‍යා” ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ආරම්භ කළේය. එහෙත්, මේ වනවිට දිවයිනේ වී ගොවීන්ට මෙන්ම එළවලු හා පළතුරු ගොවීන් සිය අස්වනු සාධාරණ මිලකට විකුණාගන්නට නොහැකි සාමාන්‍යයෙන් මුහුණ දෙන ගැටලුවේ වඩා බරපතළ අඩියකට ඇදවැටී තිබේ. සහල් මාෆියාව නිසා ආණ්ඩුවේ පාලන මිල යටතේ සහල් අලෙවි කිරීම සිදු නොවුණු අතර ඒ ගැන ආණ්ඩුව වගකීමෙන් කරඇරියේය. අස්වනු කුණුකොල්ලයට ගෙනයාමේ සිට රජයේ ආර්ථික මධ්‍යස්ථාන හරහා අලෙවි කිරීමේ ක්‍රියාදාමයට සම්බන්ධවී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් හා ඔවුන්ගේ ආධාරකරුවන්වන ව්‍යාපාරිකයන් හා එම පිරිස වටා සිටින හෙංචයියන්ය. මෙම තත්වය නිසා එළවලු හා වෙනත් නිෂ්පාදන වෙළඳපොළට යවාගන්නට නොහැකිව ප්‍රාදේශීය නිෂ්පාදකයෝ කබලෙන් ලිපට ඇද වැටී ඇත.

ජනතාව විසින් දුෂ්කර ඇඳිරි නීති සමයේ එළවලු කලුකඩකාරයන් හරහා තමන්ට ලැබෙන එළවලු හෝ පළතුරු මහත් අධික මිල ගණනට මිලදී ගනිති. ආණ්ඩුව එළවලු සපයන බව කීවද ඇත්ත වශයෙන් එය සිදුවන්නේ ජාවාරම්කාර ආණ්ඩුවේ ප්‍රාදේශීය බලවතුන්ගේ ඒකාධිකාරයකේ හරහාය.