Posted on 02.13.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සතොස ආයතනයේ සිදු වූ බව අක්‍රමිකතා සම්බන්ධ හඬපටයේ හෙළිදරව්වෙන් පසුව සතොස සභාපතිරයා ඇතුළු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්නැයි උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුලු අයථා මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවන තෙක් මෙම තීරණය ගෙන ඇත.
මෙම හඬ පටයෙන් කියවෙන කාරණා පමණක් නොව 2019 සිට 2021 දක් වූ වසර තුන තුළදීම සිදුවු මූල්‍ය අක්‍රමිකතා, අයථා ගනුදෙනු සියල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නට වෙනත් රාජ්‍ය ආයතන නිලධාරින් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කරන්නට නියමිතය.