Posted on 07.27.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තුවෙන් පත් කළ ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් නිකුත් කෙරුණු හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය අද දින වැඩි ඡන්ද 57කින් සම්මත විය.
ජන අරගලය හේතුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට හැර පලා යාමෙන් පසුව වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්රමසිංහ විසින් මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වගන්තිය යටතේ එහි 2 වන කොටසේ විධිවිධාන අනුව ජූලි 17 දින ගැසට් නිවේදනයක් මගින් දිවයින පුරා ක්රියාත්මක කරන ලදී. කෙසේවෙතත් මෙවැනි නීතියක් පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ජනාධිපති බලය යටතේ පවත්වාගෙන යා හැක්කේ දින 14ක කාලයකට පමණි.
රනිල් වික්රමසිංහ ජනාධිපතිධුරයට පත් කිරීමට පක්ෂව රහස් ඡන්දයෙන් මන්ත්රීවරුන්ගේ ඡන්ද 134ක් ලැබුණද හදිසි නීතිය සඳහා විවෘත ඡන්ද විමසීමේදී ඊට ඡන්දය ලබා දී තිබුණේ මන්ත්රීවරු 120ක් පමණි.
අද දින විවාදයෙන් පසුව හදිසි නීතිය දීර්ඝ කිරීමට විරුද්ධව ලැබුණේඡන්ද 63 ක් පමණි. පාර්ලිමේන්තු විවාදය තුළ පොදුජන පෙරමුණේ මන්ත්රිවරු ජන අරගලයට විරුද්ධ සතුරු ආකල්පයකින් අදහස් දක්වන ලද අතර දැඩි මර්දනයකින් අරගලකරුවන් නිහඬ කිරීම ඔවුන්ගේ අරමුණ බව දක්නට ලැබුණි. කෙසේවෙතත්, විපක්ෂයේ නියෝජිතයෝ මෙම නීථිය හරහා මර්දනය ක්රියාත්මක කිරීමට විරුද්ධ අදහස් පළකර සිටියහ.