தமிழ்
English
Contact
Thursday 1st October 2020    
හන්තාන කඳුවැටියේ කොටසක් එනසාල් වගාවක් සඳහා එළිපෙහෙළි කරලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හන්තාන කඳුවැටියේ කොටසක් එනසාල් වගාවක් සඳහා එළිපෙහෙළි කරලා



මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19ක පමණ භූමි ප්‍රදේශයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එළිපෙහෙළි කරමින් තිබෙන බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා සිට මෙම භූමි ප්‍රදේශය කිසියම් වගාවක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා එළිපෙහෙළි කරමින් තිබෙන බවත්, දැනටමත් අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇතැයි ද වාර්තා වේ.

මෙලෙස හන්තාන භූමිය එළිපෙහෙළි කරනු ලබන්නේ එනසාල් වගාවක් සිදු කිරීමට බවට තොරතුරු ලැබී ඇති බවත් පරිසරවේදීහු පවසති.

මීටර් 30 පමණ බෑවුම් ප්‍රදේශයට අයත් කොටස තුල පාරිසරික සංවේදි කලාපයක් වගාවන් සඳහා මෙලෙස විනාශ කිරීම යනු පාංශු ආරක්ෂන පණතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් සහ පාරිසරික පණතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බව පරිසරවේදීන් පෙන්වා දී තිබේ.