தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
හඳුනාගත් පිරිසට වැඩි, සැඟවුණු ආසාදිතයන් පිරිසක්! - GMOA | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හඳුනාගත් පිරිසට වැඩි, සැඟවුණු ආසාදිතයන් පිරිසක්! – GMOA



මේ වනවිට කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් ලෙස හඳුනාගත් සංඛ්‍යාව 101 ලෙස රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වුවත් මේ වනවිට එම වයිරසය ශරීරගත වූ 500 කට ආසන්න පිරිසක් ඇති බවත් ඔවුන් නිදැල්ලේ සිටීමේ අවදානමක් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය  ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද විසින් ‘ලංකාදීප’ පුවත්පතට ප්‍රකාශ කරමින් අනුමානය පළකර ඇත්තේ මේ ආකාරයට දැනය නිවේදිත රෝගීන් සංඛ්‍යාවට වඩා පිරිසක් ඇත්ත වශයෙන්ම රෝගීන් ලෙස හා වෛරස වාහකයන් ලෙස සමාජගතව සිටිනු ඇති බවයි. ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවන්හිදී සමාජ දුරස්ථකරණය තබා නොගැනීම නිසා මේ වනවිටත්  අති විශාල පිරිසකට මෙම වයිරසය වැළඳී ඇතැයි සැක කළ හැකි බව ඔහු එහිදී පවසා ඇත. එසේම ඉදිරි දින 14 අවසන් වන අප්‍රේල් 08 වැනිදා වන විට රටතුළ රෝගීන් සංඛ්‍යාව විශාල වැඩිවීමක් බලාපොරෙතාත්තු විය හැකි බව ද වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කරයි.

දැනටමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන් සමග ස්පර්ශක සබඳතා පැවැත්වූ 19,000 කට ආසන්න පුරවැසියන් පිරිසක් සෞඛ්‍ය අංශයන්හි ආරක්ෂක අංශයන්හි හා පරිපාලන අංශයන්හි නිරෝධායන නිරීක්ෂණය යටතේ රට පුරා විසිර සිටිනු ඇති බව වෛද්‍ය සමන්ත ආනන්ද පෙන්වා දෙයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් ‘ලංකාදීප’ වෙත අදහස් දක්වමින් පළකර ඇති අතහස් අනුව, සියලු පුරවැසියන් බලධාරින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් ඉදිරි සති දෙක තුළ දී සතුටුදායක ප‍්‍රවණතාවයක් අපේක්ෂා කළ හැකිය.

(‘ලංකාදීප’ වෙබ් අඩවියෙන්)