Posted on 12.02.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍ර සබඳතාවලට හානියක් නොවන අයුරින් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කිරීමට චීනය සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වු ජියැන්ගාවෝ චීන ජනාධිපති ෂී ජින් පිංගේ නියෝජිතයෙකු ලෙස කොළඹ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ඇති අතර එහිදී හම්බන්තොට වාරය ගණුදෙනුව ගැනද සාකච්ඡා වී තිබේ. එසේම ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇත.
ඒ අනුව දෙපාර්ශවයම වරාය බදු ගිවිසුම ගැන නැවත සාකච්ඡා කිරීමට එකඟව ඇත.
හිටපු චීන තානාපතිවරයා ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමට තම රට දක්වන උනන්දුව ගැන ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ තානාපති ධුරය දැරූ කාලය තුළ චීන සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වූ ආකාරය පෙන්වා දී චීනයෙන් සංචාරකයන් පැමිණීම වැඩි කිරීම සඳහා වැඩිදුර ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ බව වාර්තා වේ.
මීට පෙර චීනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම රටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණි.