தமிழ்
English
Contact
Saturday 19th June 2021    
හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමක්



හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමට එකගවී තිබෙන බව ව්දෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දින කිහිපය තුල ගසා තීරයේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාර ගණනාවක් එල්ල කළ අතර පෙරේදා මෙම ප්‍රහාරයන් වඩාත් දැඩිකර තිබේ.

එසේ ප්‍රහාරයන් දැඩිකර කිරීමත් සමග පලස්තීන ජාතිකයින් සිව්දෙනෙකු මියගිය අතර තවත් පලස්තීන ජාතිකයින් කිහිප දෙනෙක තුවාල ලබා ඇති බවත් එක් ඊශ්‍රායෙල් හමුදා සෙබෙලකුද මියගොස් ඇතැයි වාර්තාවේ.

පසුගිය මාසයක පමණ කාලයක සිට අවස්ථා ගණනවකම ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහරදුන් බව ඊශ්‍රායලය පවැසුවත් සාමාන්‍ය පලස්තීන ජනයා වෙත මෙ ප්‍රහාරයන් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණ්‍ය කරයි.

කෙසේ වෙතත් මෙසේ උත්සන්න වූ ගැටුම් වැළක්වීඹ සදහා හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාම යක් ක්‍රියාත්මක කිරීම පිළිබදව සාකච්ඡා ආරම්භවී ඇති බව වාර්තාවේ.