தமிழ்
English
Contact
Friday 18th September 2020    
හමුදාව සිවිල් කාර්යයන්ට කැඳවන ජනාධිපතිගේ ගැසට් නිවේදනය යළිත්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හමුදාව සිවිල් කාර්යයන්ට කැඳවන ජනාධිපතිගේ ගැසට් නිවේදනය යළිත්!



මහජන සාමය පවත්වාගෙන යාම යන හේතුව දක්වමින් සන්නද්ධ හමුදා සියලුම දිස්ත්‍රික්කවල සිවිල් කටයුතුවලට යෙදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය විසින් නැවතත් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අද (22) දින සිට බලපැවැත්වෙන පරිදි අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මෙම ගැසට් නිවේදනය මෙසේ එක දිගට නිකුත් කර ඇත්තේ තුන්වැනි වරටය.

හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු අතර එහි නියෝග බලාත්මක වන්නට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතුය. නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වූ පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කළද පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකර නැත.

මීට පෙර මෙම නිවේදනය පසුගිය දෙසැම්බර් 22 වනදා සහ ජනවාරි 21 වැනිදා නිකුත් කෙරුනු අතර පාර්ලිමේන්තුව රැස්වූ පසුවද එම නියෝග පාර්ලිමේන්තු අනුමැතියට යොමුකර නොමැතිවීමෙන් ජනාධිපකිවරයා තමන්ට හිමි නැති බලයක් භාවිතයට ගනිමින් සිටින බවට චෝදනා නැගී ඇත.