தமிழ்
English
Contact
Monday 22nd April 2019    
හමුදාව හැරගියවුන්ට යළිත් සමා කාලයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හමුදාව හැරගියවුන්ට යළිත් සමා කාලයක්!



මේවනවිට සන්නද්ධ හමුදාව හැර ගොස් සිටින සාමාජිකයන්ට යළි යුද සේවයට එක් වීමට පොදු සමා කාලයක් ලබා දී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසයි.

ඒ අනුව, අප්‍රේල් 22 දා සිට මැයි මස 10 වැනිදා තෙක් එම සමා කාලය ක්‍රියාත්මක වේ. යුද්ධය අවසන්වීමෙන් පසුව විවිධ දීමනා කප්පාදුකිරීම හා වරප්‍රසාද අහඅමි කිරීම නිසා සොල්දාදුවන් ආර්ථික වශයෙන්ද සාමාජිය වශයෙන්ද විකල්ප සොයා යාමට ත්සාහ කරණ ආකාරයක් පසුගිය 10 වසර තුළ දක්නට ලැබිණි. එක් අතකින් යුද මානසිකත්වය නිසා ඔවුන් මානසික ආතතියකින් කටයුතු කරනබවද පවුල් ජීවිතය හෝ සමාජ කටයුතුවලදී යුද සමයේ වැනි ආකාරයට කටයුතු කරන බවද සමී්ෂන මගින් අනාවරණය විය. කෙසේවෙතත් යුද සමයෙන් පසුව මේ වන විට යුද හමුදාව හැරගොස් සිටින පිරිස 15000 -20000 පමණ වන බවත් බ්‍රිග්‍රේඩ්යර්වරයා සඳහන් කළේය.

මෙම සොල්දාදුවන් එක්කෝ විකල්ප රැකියා සොයා යන අතර බොහෝ අය සන්නද්ධ පුහුුණුව යොදාගෙන යම් යම් අපරාධකටයුතුවල නිරතවන බවක්ද දක්නට ලැබේ. විශේෂයෙන් හමුදාවේ පීඪාව දරාගත නොහැකිව පළායන තරුණ පිරිස් ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට වෙනත් ආදායම් මාර්ග නැති කමින් අපරාධ, මංකොල්ලකෑම් ආදියට සම්බන්ධවන ප්‍රවණතාවක් ඇත. යුද හමුදාව විසින් පොදු සමා කාලය ලබාදීමෙන් ඔබ්බට මෙවැනි සමාජ ගැටලු පිළිබද වැඩපිළිවෙළක් දියත් කර නැත. ඔවුන්ගේ ගැටලුවලට වගකිවයුතු රාජ්‍ය ආයතනය ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින්ද සොල්දාදුවන් ලවා කම්කරුවන්ට අදාළ සේවා කටයුතු කරමින් හෝ විදේශ සාමසාධක සේවාවලට යවමින් ආදායම් උපදවන මාර්ගයක් ලෙස පවත්වාගෙන යයි.