Posted on 07.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හමුදා භටයන් විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් වන කසුන් කුමාර හා චතුරංග ප්‍රදීප් දෙදෙනා පහරදී මහමග දමා ගොස් සිටියදී හමු වී ඇත.
කොල්ලුපිටිය සිනමන් හෝටලය ආසන්නයේදී සන්නද්ධ භටයන් විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් වුන් කිසිදු පොලිස් ස්ථානයකට භාරදී නැති බව වර්තා විය. පසුව කළ සොයාබැලීමකදී ඔවුන් අමානුෂික ලෙස පහර එල්ල කර මහමග දමා ගොස් ඇති බව වාර්තා විය.
මේ වන විට සන්නද්ධ හමුදා සාමාජිකයන්ට පොලිස් නිලධාරින් නොමැතිව සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීමට හැකින ලෙස හදිසි නීතිය බලාත්මක කර තිබේ. කෙසේවෙතත්, අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් නිල වශයෙන් පොලිසියට භාරදීම හෝ වාර්තා තබාගෙන ආරක්ෂිත ස්ථානවල රැඳවීම නීත්‍යනුකූල පිළිවෙත වේ. එසේ නොමැතිවන අවස්ථාවලදී අතුරුදන් කිරීම් වාර්තා වී ඇත.